පරිගණක තිරයෙන් ඔබේ දෙනෙත රැකගන්න.

ඔබ කුඩා කල රූපවාහිනිය නරඹන විට එය ආසන්නයේ හිඳ බලන්නට ඇත. එවිට ඔබගේ මව හෝ වැඩිහිටියකු විසින් එය වලකන්නට ඇත. එමගින් ඔබේ ඇස්වලට හානි වන බව පවසන්නට ඇත. ඇත්තටම විද්‍යුත් තිර දෙස බලා හිදීම මගින් ඇස්වලට හානි සිදුවනවාද? 

මෙලෙස පරිගණක තිර මගින් ඇස්වලට දීර්ඝ කාලීනව බලපාන සෘජු හානි සිදුවන බවට සනාථ කිරීමට තරම් වූ හොඳ සාක්ෂි ඉදිරිපත් කර නැතත් පරිගණක තිර මගින් ඇස් සම්බන්ධ අපහසුතා සහ රෝග ලක්ෂණ ඇතිවිය හැකිබව සොයාගෙන ඇත. උදාහරණ ලෙස ඇස් වියලීම, හිසරදය, නාභිගත කිරීමේ අපහසුතා, පෙනීම බොදවීම, ඇස විඩාවට පත්වීම ආදිය දැක්විය හැකියි. දීර්ඝ කාලීනව පරිගණක, දුරකථන, ටැබ්ලට් පරිගණක තිර ආදියට ඇස නිරාවරණයවීම මගින් ඉහත සඳහන් කල අපහසුතා ඇතිවන අතර මිනිස් ශරීරයේ ඉතාම වැදගත් අවයවයක් වන දෙනෙත ඉහත අපහසුතාවලින් ආරක්ෂා කරගනිමින් පරිගණක සමග වැඩ කරන ආකාරය පිළිබදව පරිගණක පියසේ මෙම ලිපියෙන් ගෙන එන්නෙමු.

විසදුම මොකක්ද?

හොදම විසදුම පරිගණක තිර හා ජංගම දුරකථන නිරන්තර භාවිතයෙන් වැලකී සිටීමයි. නමුත් ඔබ පරිගණක සම්බන්ධ රැකියාවක නියතු අයෙක් නම් හෝ ජංගම දුරකථන භාවිතයට තදින් ඇබ්බැහි වී සිට්න්නෙක් නම් එය ප්‍රායෝගික නොවනු ඇත.

එනිසා කාණ්ඩ දෙකක් යටතේ ඇති ක්‍රම කිහිපයක් පුරුද්දක් වශයෙන් අනුගමනය කිරීමෙන් ඔබගේ දෙනෙතත් ආරක්ෂා කරගනිමින් පරිගණක සමඟ වැඩ කිරීමට හැකි වනු ඇත.

01. ඇසට විවේකය ලබා දෙන්න.

කාණ්ඩ දෙකෙන් පළමු වැන්න වන්නේ පරිගණකය හෝ ස්මාට් ජංගම දුරකථන භාවිතා කරන අතරතුර ඇසට විවේකය ලබා දීමයි. එමගින් ඇස විඩාවට පත්වීම වැලකෙන අතර ඇස වියලීම ආදී අපහසුතා මගහරවා ගත හැක. පහත දැක්වෙන ක්‍රම මගින් ඇසට විවේකය ලබා දීම සිදුකල හැක.

  • 20 – 20 – 20 නීතිය.

    ඔබ පරිගණකය භාවිතා කරන විට අවම වශයෙන් තත්පර 20ක විවේකයක් ඇසට ලබා දිය යුතුයි. මිනිත්තු 20ක් පරිගණකය භාවිතා කිරීමෙන් අනතුරුව තත්පර 20ක් අඩි 20ක (6.1m) දුරින් ඇති යම් දෙයක් ලෙස බලා සිටීම මගින් ඇසට විවේකය ලබා දිය හැකියි. ඔබ ආසන්නයේ ජනේලයක් ඇතිනම් එයින් පිටත ඇති වස්තුවක් නිරීක්ෂණය කිරීම වඩාත් ළුලදායි වනු ඇත.

  • ඇසිපිය හෙළීම.

    ඔබේ ඇස යම් දෙයකට නාභිගත වී තිබෙන විට, (පරිගණක තිරයකට වැනි) ඇසිපිය හෙළීම ප්‍රමාණවත් නොවීම මගින් යම් අක්ෂි දෝෂ මතුවිය හැක. එම නිසා පරිගණක සමඟ වැඩ කරන විට වැඩිපුර ඇසිපිය හෙළීම ඔබේ ඇස්වලට පහසුවකි.

  •  කාමරය පරීක්ෂා කරන්න.

    දීර්ඝ වේලාවක් පරිගණකය භාවිතා කළ පසු, කාමරය තුළ ඇති වස්තුන් නිරීක්ෂණය කිරීම සඳහා කුඩා විවේකයක් ලබා ගන්න. ඔබ වටා ඇති එකිනෙකට වෙනස් දුර ප්‍රමාණවලින් ඇති වස්තූන් දෙස සෙමින් ඇස යොමු කර නිරීක්ෂණය කරන්න.

02. පරිසරය වෙනස් කරන්න.

පරිගණක භාවිතයේදී ඇසට විවේකය ලබාදීම මෙන්ම භාහිර පරිසරයද ඇසට හිතකර ආකාරයට සකසා ගැනීම වැදගත් ය. එනම් ඔබගේ පරිගණක තිරය ස්ථානගත කර ඇති ආකාරය, ඔබ හා පරිගණක තිරය අතර දුර ප්‍රමාණයන් ගැනද සැලකිලිමත් විය යුතුයි.

  •  නිවැරදිව ස්ථානගත වෙන්න.
    පරිගණකයක් අසල වාඩිවීමේදී හැකි තරම් පරිගණක තිරයෙන් ඈත්වී වාඩිවිමට උත්සහ ගන්න. ඔබගේ මුහුණත් පරිගණක තිරයත් අතර නිවැරදි දුර ප්‍රමාණය විය යුත්තේ අඟල් 20 – 40 (50 – 100cm) අතර දුර ප්‍රමාණයකි.
  • Brightness එක වෙනස් කරන්න.

    ඔබ භාවිතා කරන පරිගණක තිරයේ දීප්තිමත්බව (Brightness) අනවශ්‍ය ලෙස වැඩිනම් එය ඔබගේ ඇස්වලට පීඩාකාරී තත්වයකි. තවද තිරයේ කළු සහ සුදු පාට අතර අසමානතාව එනම් Contrast එක අඩුනම් එයද ඇස්වලට අපහසුතාවයකි. එනිසා පරිගණක තිරයේ Brightness හැකිතරම් අඩුකර Contrast හැකිතරම් වැඩි කරගැනීම ඔබගේ ඇස්වලට හිතකරය.

  • ආලෝක තත්වය වෙනස් කරන්න.

    ඔබ වැඩ කරන කාමරයේ ආලෝක තත්වයද පරිගණක තිරයේ දීප්තිමත්බවට සමාන මට්ටමක පවත්වා ගෙන යාම ඉතාම වැදගත්ය. අඩු ආලෝක තත්තවයක් යටතේ වැඩි දීප්තිමත්බවකින් යුත් පරිගණක හෝ දුරකථන තිරයක් දෙස බලා සිටීම ඉතාම අහිතකරය.

  • ප්‍රති දීප්ත තිර.

    පරිසරයේ ආලෝක තත්වය වෙනස් කිරීමට නොහැකි නම් අනෙක් විකල්පය වන්නේ පරිගණක තිරයේ දීප්තිමත් බව අඩු කිරීමයි. ඒ සඳහා ප්‍රති දීප්ත තිරයක් මිළදී ගෙන එය ඔබේ පරිගණක තිරයේ අලවා ගැනීම කළ හැකියි. නැතිනම් ප්‍රති දීප්ත උපැස් යුවලක් පැළදීමද කළ හැකිය.

  • උසස් මට්ටමේ තිරයකට මාරුවෙන්න.

    ඔබ භාවිතා කරන්නේ පැරණි තාක්ෂණය භාවිතා කරන මොනිටරයක් නම් අලුත් තාක්ෂණයෙන් නිපදවා ඇති High Resolution මොනිටරයකට මාරුවීම ඇස්වලට හිතකරය. මක් නිසාදයත් තාක්ෂණයෙන් උසස්වන තරමටම ඒවා ඇස්වලට පහසු අන්දමෙන් නිමවන බැවිනි. ඔබ දැනටමත් භාවිතා කරන්නේ පැරණි CRT මොනිටරයක් නම් කඩිනමින් LED මොනිටරයකට මාරුවීම ඇඟට ගුණදායකය. හේතුව වන්නේ CRT මොනිටර මඟින් පිටවන කැතෝඩ කිරණ මඟින් සැලකිය යුතු මට්ටමේ හානියක් ඇසට සිදුකිරීමයි.

ඉහත සඳහන් කළ ක්‍රමවලින් කිහිපයක් හෝ අනුගමනය කිරීමෙන් පරිගනක භාවිතයේදී ඔබගේ ඇසට සිදුවන හානිය අවම කරගත හැකි අතර දැනටමත් ඉහත සඳහන් කල අක්ෂි දෝෂ ඔබට ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක නොකරන්න.


තවත් මෙවැනි ප්‍රයෝජනවත් තාක්ෂණික ලිපයකින් නැවත හමුවෙමු.පරිගණක පියස වෙබ් අඩවියට එකතුවන ලිපි එසැනින් ඊමේල් මගින් ලබාගැනීමට පහතින් ඔබේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න.

Image source – wikihow.com
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s