ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ මිළ අධිකම ඇප්ස් 5ක්

ඔබගේ ස්මාට් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට, ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් (application) ස්ථාපනය කරගැනීමට අවශ්‍ය විට ඔබ පිවිසෙන්නේ ගූගල් ප්ලේ (Google play) වෙතයි. මෙම ගූගල් ප්ලේ තුල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් ඇති අතර එයින් සාමාන්‍යක් ලෙස 45%ක ප්‍රමාණයක් නොමිලේ (free) ලබාගත හැකි හා $1 ත් $3ත් අතර මිළක් වන යෙදුම්ය. මෙම යෙදුම්වල මිළ තීරණය කරනු ලබන්නේ අදාල යෙදුම නිර්මාණය කර බෙදා හරින පුද්ගලයාගේ හෝ සමාගමේ කැමැත්ත මතය. කෙසේ වෙතත් ගූගල් සමාගම 2015දී මෙම යෙදුම්වල උපරිම මිළ සීමාව $400 විය යුතු බවට තීරණය කරන ලදී. පරිගණක පියස මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ, ගූගල් ප්ලේ තුල ඇති මිළෙන් අධිකම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 5ක් පිළිබදවයි.

5. Dr. Web Security Space Life – $75

Dr. Web යනු සියළුම වර්ගයේ මැල්වෙයා වැඩසටහන් වලින් ඔබගේ ජංගම දුරකථනය ආරක්ෂා කරන ප්‍රතිවෛරස යෙදුමකි (antivirus app). මෙම යෙදුම මගින් මුළු පද්ධතියම ස්කෑන් කර ස්මාට් උපාංගයේ සැගවී ඇති සියළුම මැල්වෙයා වැඩසටහන් හදුනාගෙන විනාශ කල හැකිය. තවද ඔබට අනවශ්‍ය දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ මෙම යෙදුම මගින් block කිරීම කළ හැකිය. මෙම යෙදුම ගූගල් ප්ලේ තුළ $75 ක් ලෙස මිළකර ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 11 500.00 කි.

4. 5 Minute Sports Medicine – $99.99

මෙම යෙදුම, දිනපතා ක්‍රීඩා කරන අවස්ථාවන්හිදී ඇතිවන අස්ථි බිදීයාම් ආදී ආබාධ හා වේදනා සදහා ඉක්මන් ප්‍රතිකාර සදහා උපදෙස් ඇතුලත් වන ඇන්ඩ්‍රොයිඩ් යෙදුමකි. මෙම යෙදුම තුළ එලෙස වැදගත් වන ප්‍රතිකාර ක්‍රම 280ක් පමණ අඩංගු වන අතර මිනිත්තු 5කින් ලබාදිය හැකි ලෙස සකසා ඇත. මෙම යෙදුමේ ඇති විස්තර ප්‍රවීණ වෛද්‍යවරුන් විසින් සකසා ඇත. එය මෙම යෙදුමේ මිළ අධික වීමට හේතුවක් වී ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ට වැදගත් යෙදුමක් වන මෙම 5 Minute Sports Medicine යෙදුම $99.99 කට මිලදී ගත හැකි අතර එය ශ්‍රි ලංකා මුදලින් රුපියල් 15 340.00 කි.

 

3. Super Cool Runner. – $200

Super Cool Runner ඇන්ඩ්‍රොයිඩ් යෙදුම, එක්තරා නිමක් නොවන දුවන ක්‍රීඩාවක්. මෙම ක්‍රීඩාවෙදී මාවත් හතරක් ඔස්සේ දීවීම සිදු කළ යුතු අතර එහිදී හමුවන බාධක හා ශක්තිය උපදවා ගැනීමට හා ජීවත් සිටීමට අවශ්‍ය කරන බැටරි ආදී දේ ලබාගෙන ඉදිරියට යා යුතුය. මෙම ක්‍රීඩාව ඉතාමත් ප්‍රාථමික මට්ටමේ ග්‍රැෆික්ස් භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර අද භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩා සමග සසදන විට Super Cool Runner ඉතාමත් පහත් මට්ටමේ ක්‍රීඩාවකි. නමුත් මෙහි නියම කර ඇති වනුයේ $200කි. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 30 859.00කි. මෙම ක්‍රීඩාව මෙතරම් මිලක් නියම කිරීමට හේතුවක් සදහන් කර නොමැති අතර මෙම යෙදුම මුදල් වියදම් කර මිළදී ගැනීමක්, නිර්මාණය කළ පුද්ගලයන් පවා බලාපොරොත්තු නොවන බව සදහන් වේ.

2. Abu Moo Collection (Six apps) – $400

ගූගල් ප්ලේ ස්ටෝර් තුල ඇති තවත් මිළ අධික යෙදුමක් ලෙස Abu Moo Collection හැදින්විය හැකියි. ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 6කින් සමන්විත වන මෙම එකතුවෙහි එක් යෙදුමක් පමණක් $400කි. යෙදුම් 6ම සදහා $2400ක් වියදම් කිරීමට සිදුවේ. විවිධ වර්ණයන්ගෙන් යුතු මැණික් 6කින් සමන්විත වන මෙම එකතුව Widget වර්ගයට අයත් වන යෙදුමකි. මෙම යෙදුම් 6කින් එකක් මිළදී ගෙන ඔබේ දුරකථනයේ ස්ථාපිත කිරීමෙන් පසුව ඔබ තෝරාගත් මැණික් කැටයක රූපයක් ඔබගේ දුරකථනයේ Home Screen එක මත දර්ශනය වේ. එපමණකි. ඔබත්, ඔබේ දුරකථනයේ මැණිකක් පැළදීමට කැමැත්තක් දක්වන්නේ නම් ලංකා මුදලින් රු. 61 005.00ක් වියදම් කර මෙම යෙදුම ලබා ගන්න.

1. The Most expensive app – $435

මෙම යෙදුමේ නම වන්නේද මිළ අධිකම යෙදුම (The Most expensive app) යන්නයි. ඇත්ත වශයෙන්ම මෙය ගූගල් ප්ලේ ස්ටෝර් තුල ඇති මිළ අධිකම යෙදුමයි. එය දියමන්තියක පින්තූරයක් ඔබගේ තිරය මත පෙන්නනවා ඇරෙන්නට වෙනත් යමක් සිදු කරන්නේ නැත. මෙම යෙදුම ලංකා මුදලින් රුපියල් 66 151.00 කට ආසන්නය.

අන්තර්ජාලය ඇසුරිණි.
සැකසුම – බවන්ත හේරත්.

අළුත්වන ලෝකයේ තාක්ෂණික පුවත් සඳහා පරිගණක පියස අපගේ Facebook පිටුව ලයික් කරන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s