ටොරන්ට්, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර දෙන seedr.cc

අන්තර්ජාලයේ දියුණුවත් සමඟ ටොරන්ට් නම් වටිනා සොයා ගැනීමත් සමග සිනමා පටයක්, පරිගණක ක්‍රීඩාවක සෙටප් ෆයිල් වෙළඳපොලට ගොස් මිළදී ගැනීමේ ක්‍රමය කෙමෙන් කෙමෙන් මැකී යනවා. සියළු දෙනාම පාහේ පුරුදුව ඇත්තේ පහසු හා ලාබදායි ලෙස අන්තර්ජාලයෙන් ටොරන්ට් download කිරීමටයි. ටොරන්ට් ගැන අවබෝධයක් නැති අයට පරිගණක පියස කලින් පළකල ටොරන්ට් ගැන ලිපිය කියවා යම් අවබෝධයක් ලැබිය හැකියි.

නමුත් ටොරන්ට් වලින් download කිරීමේදී එක් අවාසියක් වන්නේ, ජාළයේ වේගය කෙතරම් තිබුණද අදාල ටොරන්ට් එකේ seeds ප්‍රමාණය අඩුනම් එය download වන වේගය අඩු වීම හෝ අගයන් දෙකක දෝලනය වීමයි. මෙයට කදිම විසදුමක් ලෙස seedr.cc වෙබ් අඩවිය භාවිතා කල හැකියි.

මොකක්ද මේ seedr?

image

Seedr.cc කියන්නේ එක්තරා ආකාරයක වෙබ් අඩවියක්. මෙමගින් ඔබට ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් කෙලින්ම  අන්තර්ජාලය හරහා බාගත කිරීමක් (Direct Download) කල හැකියි.

මොකක්ද මේකෙන් වන වාසිය.

මෙම ක්‍රමයෙන් වන ප්‍රධාන වාසිය තමයි, ටොරන්ට් ෆයිල් එකෙහි seed ප්‍රමාණය 1 වුනත් වේගය අඩු නොවී download  වීමයි.

කොහොමද පාවිච්චි කරන්නේ.

🔴 මුලින්ම seedr.cc වෙබ් අඩවියට පිවිසෙන්න. (මේ සදහා operamini  වෙබ් බ්‍රව්සරයක් භාවිතා කළ නොහැක.)
🔴 ඉන්පසුව ඔබට එම වෙබ් අඩවියේ ලියාපදිංචි විමට සිදු වනු ඇත. ඒ සදහා sign up යන්න භාවිත‍ා කළ හැකි අතර නැතිනම් log in ක්ලික් කර එහි පහළ  ඇති login with facebook යන්න මගින් එක් ක්ලික් කිරීමක් මගින් ලියාපදිංචි විය හැක.

image

🔴 දැන් ඔබට අදාලව 2GB ධාරිතාවක් නොමිලේ සපයන අතර මුදල් ගෙවීමක් මගින් එය වැඩි කර ගත හැක. දැන් දකුණු පස ඉහළ කෙලවරේ ඇති ධන ලකුණ (+) ක්ලික් කර ඔබට බා ගැනීමට අවශ්‍ය චිත්‍රපටයේ හෝ වීඩියෝවේ ටොරන්ට් ෆයිල් එක seedr වෙබ් අඩවියට upload කළ යුතුයි. (ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගැනීම සදහා yts.ag වැනි ඕනෑම ටොරන්ට් වෙබ් අඩවියක් භාවිතා කළ හැකිය.)

image

image

🔴 දැන් ඔබ ලබාදුන් ටොරන්ට් ෆයිලයේ විස්තර ඔබගේ ගිණුමේ මුල් පිටුවේ පෙන්වන අතර එහි දකුණු පස ඇති පහලට ඊතලය (🔻 ) මගින් පෙන්වන ගොනුවෙන් Download යන්න තේරම මගින් අදාල ටොරන්ට් ෆයිලය zip file එකක් ලෙස download වනු ඇත.

image

තවත් මෙවැනි වැදගත් තාක්ෂණික ලිපි එසැණින් ලබා ගැනීමට අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s