ඇපල් සමාගම ගැන අමුතු කතා 10ක්.

අද ලෝකයේ පවතින දැවැන්ත සමාගම් පිළිබද ලේඛනයක් සකස් කරන්නේ නම් ඇපල් සමාගම (Apple inc.) එහි ඉහලින්ම වැජඹෙනු ඇත. වර්ෂ 1976 අප්‍රේල් 01 වනදා, ස්ටීව් ජොබ්ස්, රොනල්ඩ් වේන් හා ස්ටීව් වොස්නියාක් යන තිදෙනා විසින් කැලිෆෝනියාවේදී ආරම්භ කරන ලද ඇපල් සමාගම, පරිගණක උපාංග, මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත්ව අවසන්. ඇපල් තාක්ෂණික උපාංග බිලියනකට අධික ප්‍රමාණයක් ලොව පුරා භාවිතා වන අතර එහි වත්කම් ප්‍රමාණය ඇමරිකානු රජයටත් වඩා වැඩි බව වාර්තා වනවා. පරිගණක පියස වෙබ් අඩවියේ ජනප්‍රිය ලිපි මාලාවක් වන දන්නා දෙයක නොදන්නා පැතිකඩක් ගෙන එන Funfacts කැටගරියේ මෙම ලිපිය දිගහැරෙන්නේ ලෝකප්‍රකට ඇපල් සමාගම ගැන ඔබ මෙතෙක් දැන නොසිටි කාරණා දහයක් පිළිබදවයි.

foundes

#10

2011 ජූලි වන විට, ඇපල් සමාගමට අයත් බැංකු ගිණුමේ තැන්පත් කර ඇති මුදල ඇමරිකානු රජය සතු මුදලටත් වඩා වැඩිය.

b05foc_284971k

#09

itunes භාවිතා කිරීමේදී, කිසිදු ඇපල් උපාංගයක් න්‍යෂ්ටික අවි නිපදවීමට යොදා නොගන්නා බවට එකඟතාවයකට එළඹීමට සිදුවේ.

19g0dseuuoeyxjpg

#08

ඇපල් සමාගමේ කෘතිම බුද්ධි වැඩසටහන වන සිරිට (Siri) ඔබ පවසන සෑම දෙයම පාහේ ඇපල් සමාගම විසින් ගබඩා කරගනී.

2016-05-24-image-21

#07

ඇපල් පරිගණක අසල දුම්පානය කිරීම, පරිගණකයේ වගකීම් සහතිකය අවලංගු වීමට හේතුවක් වේ.

5-smoking-voids-apple-warranty

#06

ඇපල් සමාගමේ මූලස්ථානයේ රැකියාවේ නියුතු සේවකයන් වාර්ෂිකව උපයන මුදල සාමාන්‍යයක් ලෙස ගත් විට ඇමරිකානු ඩොලර් 125,000 කි.

retailemployees

#05

ව්‍යාජ ඇපල් උපාංග නිෂ්පාදනය කරන සමාගම් චීනයේ දක්නට ඇති අතර, ඒවා කෙතරම් සූක්ෂමද කියතොත් එම සමාගම්වල රැකියා කරන සේවකයන්ද, තම සමාගමේ නිෂ්පාදනය කරනු ලබන්නේ ව්‍යාජ උපාංගයක් බව නෙදනී.

2-chinas-fake-apple-store-is-so-realistic

#04

සෑම මිනිත්තුවකදීම ඇපල් සමාගම ඇමරිකානු ඩොලර් 300,000ක් උපයනු ලබයි.

10-apple-more-operating-cash-than-us-treasury

#03

Mission Imposible Ghost protocol චිත්‍රපටය තුල, මිනිත්තු 8කය ආසන්න කාලයක් ඇපල් නිෂ්පාදනයන් සඳහා ලබාගෙන ඇති අතර ඒ සදහා ඇස්තමේන්තු ගත දැන්වීම් ගාස්තුව ඇමරිකානු ඩොලර් මිලියන 23කි. නමුත් ඇපල් සමාගම එය ලබාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම නොමිළේ ය.

512088

#02

ඇපල් සමාගමට, බ්‍රසීලයතුළ iphone යන වෙළද නාමය භාවිතා කළ නොහැක. එයට හේතුව වන්නේ Gradiente Eletronicas නම් සමාගමක් iphone වෙළද නාමය සඳහා වර්ෂ 2000දී ලියාපදිංචි වී සිටීමයි.

11-610x360

#01

iphone සඳහා භාවිතා කරනු ලබන ප්‍රොසෙසරය (Processor) ඇත්ත වශයෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ Samsung සමාගම විසිනි.

a5-processor-chip

මෙම ලිපිය සම්පූර්ණයෙන්ම ආකර්ශනීය PDF එකක් ආකාරයට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. තවත් මෙවැනි දන්නා දෙයක නොදන්නා පැත්ත ගෙන එන ලිපි සියල්ල මෙතනින් කියවන්න. යාළුවන්ටත් දැනගන්න ශෙයාර් කරන්න. ඔබගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න.

Advertisements

One response to “ඇපල් සමාගම ගැන අමුතු කතා 10ක්.

  1. Pingback: ඇපල් සමාගම ගැන අමුතු කතා 10ක්. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s