කුඩා පැළයකින් දුරකථනයක් ආරෝපණය කළ හැකි ක්‍රමයක්.

කුඩා කාලයේදී පාසලේදී විද්‍යා පාඩමට දෙහි ගෙඩි කිහිපයක් භාවිිතා කොට අඩු වෝල්ටීයතාවකින් යුතු විදුලි බලයක් ජනනය කළ ආකාරය ඔබට මතක ඇති. මෙවැනි ක්‍රමයක් යොදා ගෙන ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට මදක් අපහසු කරුණක්. බාසිලෝනාවේ ආකයින් ටෙක්නොලොජීස් නම් සමාගමක් එක් පැලයක් යෙදා ගෙන ජංගම දුරකථනයක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි ක්‍රමවේදයක් ගැන සොයා බැලුවා. ඒ සඳහා ඔවුන් යොදාගැනුනේ අලංකාර පැළයක්. එමගින් නිවසේ අලංකාරයට වගේම ජංගම දුරකථන චාජ් කිරීමටද මෙම පැළය යොදාගත හැකියි.

bioo-the-high-tech-houseplant-can-charge-your-smartphone-with-plant-power

අවුරුදු කිහිපයක විද්‍යාඥයන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට Bioo lite නම් මල් බදුනක හැඩය ගත් නිෂ්පාදනයක් එළි දැක්වූවා. මෙම නිර්මාණය මගින් ප්‍රභාසංශ්ලේෂණය මගින් නිපදවන ශක්තිය උපයෝගී කරගෙන ස්මාට් ජංගම දුරකථනයක් ආරෝපණය (Charge) කරන්න පුළුවන්. මෙහිදී බදුනේ ඇති පැළය මගින් සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නිපදවන කාබනික සංයෝග, බදුනේ පහළ කොටසේ ඇති බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මගින් බිද දමා ඉලෙක්ට්‍රෝන වෙන් කරනවා. එම නිදහස් වන ඉලෙක්ට්‍රෝන ජල කලාපයේ ඇති ජීව විද්‍යාත්මක නැනෝ වයර මගින් ගමන් කොට විදුලි බලයක් ලෙස USB කේබලය හරහා ජංගම දුරකථනය වෙත ගමන් කිරීම මගින් එය ආරෝපණය වීම සිදුවෙනවා.

photo

ආකයින් සමාගම පවසන පරිදි, දිනකට මෙවැනි ආරෝපණය කිරීම් තුනක් සිදු කල හැකි අතර පැළය මගින් දිවා රාත්‍රී දෙකෙහිම විදුලිය නිපදවීමට සමත්කම් දක්වන නිසා දවසේ ඕනෑම වෙලාවක Bioo lite පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔබ හිතනවා ඇති දුරකථනයක් චාජ් වෙන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා. සමාගම පවසන පරිදි එය රදාපවතින්නේ ඔබගේ දුරකථනයේ බැටරියේ ධාරිතාවය මතයි. තවද මෙමගින් නිපදවන විදුලිය 5.0Vක වෝල්ටීයතාවකින් හා 1.0Aක ධාරාවකින් යුක්තයි. නමුත් කලින් සඳහන් කල විදුලියේ අගයන් බදුනේ සිටුවන පැළය අනුව වෙනස් විය හැකි බවද ආකයින් සමාගමේ වෙබ් අඩවියේ සදහන්. අවසාන වශයෙන් ඔබ මෙම Bioo lite භාවිතා කර විදුලිය නිපදවා ගන්නවා නම් මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ බදුනේ වැඩෙන පැළයට හොදින් සාත්තු කොට එය මියයාමට ඉඩ නොදී පවත්වා ගත යුතු බවයි. තවත් විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

තවත් මෙවැනි අපූරු තාක්ෂණික පුවත් එසැනින් දැනගැනීමට අපගේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න. යාළුවන්ටත් දැනගන්න ශෙයාර් කරන්න.

Advertisements

One response to “කුඩා පැළයකින් දුරකථනයක් ආරෝපණය කළ හැකි ක්‍රමයක්.

  1. Pingback: කුඩා පැළයකින් දුරකථනයක් ආරෝපණය කළ හැකි ක්‍රමයක්. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s