අැඟට ගුණදායක ඇප්ස් 5ක්.

සෑම අයෙකුම නිරෝගීව ජීවත් වීමට හා මනා හැඩයකින් යුතු ශරීරයක හිමි කරුවෙකු වීමට කැමත්තක් දක්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ සඳහා දිනපතා කරනු ලබන ව්‍යායාම වගේම අප ගනු ලබන ආහාර රටාවන්ද බලපානු ලබනවා. දිනෙන් දින අලුත්වන තාක්ෂණික ලෝකයේ සියල්ලම පාහේ ඔබේ ඇඟිලි තුඩු අතරට ගෙන එන ස්මාට් තාක්ෂණය මගින් සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරගැනීමටත් සුන්දර සිරුරක් ලබා ගැනීමටත් උපකාරී වන උපදෙස් ලබා දෙන හා ඒ සඳහා ඔබව යොමුකරන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 5ක් පිළිබදව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. 

fitness

7-Minute-Workout-icon7 miniute workout

මෙම යෙදුම මඟින් දිනපතා, විනාඩි 7ක් පුරාවට අවම පහසුකම් යටතේ නිවසේදීම සිදුකළ හැකි ව්‍යායාම මගින් ඔබේ සිරුරේ හැඩය පවත්වා ගැනීම සඳහා ඔබට සහය දක්වනු ලබනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස්, පින්තූර මගින් හා අවශ්‍ය නම් වීඩියෝ මඟින් ලබාදීමට 7 miniute workout සමත්කම් දක්වනවා. නොමිලේ ලබාදෙන යෙදුමක් වන මෙය ඕනෑම අයෙකුට පහසුවෙන් භාවිතාකල හැකි ආකාරයේ අතුරු මුහුණතකින් (Interface) යුක්තය.

GET IT ON GOOGLE PLAY

7-Minute-Workout-screenshot-840x473

Calorie-Counter-by-MyFitnessPal-icon-2016Calorie Counter

ඔබ ගනු ලබන ආහාරවල ඇති කැලරි ප්‍රමාණය ගණනය කිරීම මෙම යෙදුමේ මූලික අරමුණ වේ. තවද ඔබේ සෞඛ්‍ය තත්වයට ගැලපෙන ආහාර පාන පිළිබදව දැනුවත් කිරීම, ඔබ ගත යුතු හා ගත යුතු නොවන ආහාර පිළිබද විස්තර හා ලබාගත් කැලරි දහනය කිරීම සදහා කල යුතු ව්‍යායාම ආදී විස්තර මෙම යෙදුම මගින් පහසුවෙන් ලබා ගත හැකියි. Calorie counter යෙදුම තුළ ආහාර වර්ග මිලියන ගණනක විස්තර අඩංගු කර ඇති අතර එය ගූගල් ප්ලේස්ටෝ මගින් නොමිලේ ලබා ගත හැක.

GET IT ON GOOGLE PLAY

Calorie-Counter-by-MyFitnessPal-screenshot-2016-840x473

Fooducate-icon-2016Fooducate

ඉහතින් සඳහන් කළ යෙදුමට සමානකමක් දක්වන Fooducate යෙදුම මගින්ද සිදු කරනුයේ අපගේ ශරීර සෞඛ්‍යයට හිතකර හා අහිතකර ආහාර වර්ගවල විස්තර ඔබ වෙත ගෙන ඒමයි. විශේෂයෙන් පාලනයකින් යුතුව ආහාර ලබාගන්නා අයට වැදගත් වන මෙම යෙදුම මගින් ඔබ ලබාගන්නා ආහාර ආහාරයට සුදුසු ද මෙමගන් අපේ ශරීරයට ඇතුලත් වන කැලරි ප්‍රමාණය ආදී විස්තර පහසුවෙන් ලබාගත හැකියි. නොමිලේ ලබාදෙන යෙදුමක් වන මෙහි අතුරු මුහුණත නිර්මාණශීලි අයුරින් නිම කර ඇත.

GET IT ON GOOGLE PLAY

Fooducate-screenshot-2016-840x473

Google-Fit-iconGoogle Fit

ලෝකයේ වැඩිදෙනෙකු විසින් භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය යෙදුමක් ලෙස Google Fit හැදින්විය හැක. ඇන්ඩ්‍රොයිඩ් පළදනා (ස්මාට් වොච් වැනි) සමග එක්ව ක්‍රියාකරන මෙම යෙදුම මගින් ඔබ කළ යුතු ව්‍යායාම පිළිබදව දැනුවත් කරනවා පමණක් නොව එමගින් දහනය වන කැලරි ප්‍රමාණය, හෘද ස්පන්දනය, ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගත හැකිය. නොමිලේ ලබාදෙන යෙදුමක් වන මෙය Xiaomi Mi Bands, Strava, Runkeeper, MyfitnessPal ආදී යෙදුම් සදහාද සහය දක්වයි.

GET IT ON GOOGLE PLAY

Google-Fit-screenshot-2016-840x473

IOHEqaYjnFlVYyDTjgrV3I-Mc1XFxAryhIPvXKa-gXF5W8m6V9jMZlkzGITkmRyl2Ua8=w300Aqualert

හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඔබ දිනපතා ලබා ගන්නා ජලය ප්‍රමාණයද වැදගත්. ශරීරයේ බර වැඩිකිරීමට, වකුගඩුවල ක්‍රියාකාරීත්වයට වගේම මස්පිඩුවල වර්ධනයටද නියමිත ජලය පරිබෝජනය ඉතාමත් වැදගත් වනවා. මෙම අවශ්‍යතාවය සපුරාලීමට උදව්වන යෙදුමක් ලෙස Aqualert හැදින්විය හැකිය. මෙමගින් ඔබේ ශරීරයේ බර අනුව දිනකට ඔබ පානය කළ යුතු ජලය ප්‍රමාණය ගණනය කර එය ලබා ගැනීමට සහය දක්වනු ලබනවා.

GET IT ON GOOGLE PLAY

Aqualert

හොද ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් මනා හැඩයකින් යුත් ශරීරයක් හිමි කර ගැනීමට ඉහත කී යෙදුම් ඩවුන්ලෝඩ් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවායේ ඇති උපදෙස් පිළිපැදීමද අනිවාර්ය බව මතක තබාගන්න. තවත් මෙවැනි වැදගත් හා ප්‍රයෝජනවත් ලිපි සඳහා ලයික් කරන්න අපගේ පරිගණක පියස ෆේස්බුක් පිටුව.

Advertisements

One response to “අැඟට ගුණදායක ඇප්ස් 5ක්.

  1. Pingback: අැඟට ගුණදායක ඇප්ස් 5ක්. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s