නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගන්නේ කොහොමද?

තාක්ෂණික වශයෙන් දිනෙන් දින අලුත්වන ලෝකයේ ජංගම දුරකථනය යන උපාංගය සෑම අයෙකු අතම පවතින සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ඇතැම් විට එය මිළ අධික බොහෝ වටිනා සහ ඔබගේ පෞද්ගලික තොරතුරු සගවා තබා ඇති උපාංගයක් විය හැකියි. නමුත් එය භාවිතා කිරීමේදී ඔබේ නොසැලකිලිමත්කම හේතුවෙන් යම්කිසි ආකාරයක අස්ථාන ගතවීමක් හෝ යම්කිසි ආකාරයක සොරා ගැනීමක් සිදුවුවහොත්, එය ඔබේ පසුම්බියට පමණක් නොව ජීවිතයටද බලපෑමක් සිදුකළ හැකියි. උදාහරණ ඕනෑ තරම් වර්තමානයේ මාධ්‍යවල සංසරණය වේ. මෙලෙස ඔබේ වටිනා ජංගම දුරකථනය නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද? එය නැවත සොයා ගන්නේ කෙසේද? පරිගණක පියස අද ලිපිය වෙන් කර ඇත්තේ එයට පිළිතුරු සෙවීමටයි. මෙහිදී නීතිමය වශයෙන් කටයුතු කරන අන්දමත් නව තාක්ෂණය භාවිතා කොට ඔබේ ස්මාට් ජංගම දුරකථනය සොයා ගන්නා අන්දම යන ක්‍රම දෙකක් පිළබදව ඔබව දැනුවත් කෙරේ.

ඔබේ කාර්යභාරය.

යම්කිසි ආකාරයකින් ඔබගේ ජංගම දුරකථනය නැති වුවහොත් මුලින්ම කළ යුත්තේ ඔබගේ නැතිවූ ජංගම දුරකථනය ඔස්සේ පිවිසිය හැකි අන්තර්ජාල ගිණුම් (ඊ මේල්, ෆේස්බුක් ගිණුම්, ට්විටර් වැනි) විශේෂයෙන් ජිමේල් ගිණුමක් ඇතිනම් ඒවාට පිවිසිය නොහැකි වන පරිදි, මුරපද වෙනස් කිරීමයි. ඒ සම්බන්ධව ලියවුණු අපගේ පසුගිය ලිපිය මෙතනින් කියවන්න. මන්ද ඔබට දුරකථනය හමුවන තුරු ඔබගේ ගිණුම් අනාරක්ෂිත බැවිනි.

දෙවනුව ඔබ ලගම ඇති පොලිස් ස්ථානයට ගොස් ඔබගේ ජංගම දුරකථනය නැති වීම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. එය ඔබේ දුරකථනය සොයා ගැනීම සදහා නීති ආධාර පැතීමකි.

ඉන්පසුව ඔබේ දුරකථනය නැති වීම පිළිබද ලිපියක් ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිශන් සභාව වෙත යොමු කළ යුතුය. මෙම ලිපියෙහි ඔබේ නැතිවූ දුරකථයේ වර්ගය, එහි IMEI අංකය (IMEI අංකය ලබා ගැනීමට *#06# ඩයල් කරන්න. නැතහොත් දුරකථනය බහාලූ පෙට්ටියේ මුද්‍රණය කොට ඇත.) හා දුරකථනය නැති වූ දිනය ආදී විස්තර ඇතුලත් කළ යුතුය. තවද ඔබ කලින් සිදුකළ පොලිස් පැමිණිල්ලේ පිටපතක් සහ ඔබගේ ජාතික හැදුනුම්පතෙහි පිටපතක් ද එම ලිපිය සමඟ අමුණා යැවිය යුතුයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව

දු.ක – 011 268 93 45
ලිපිනය – අංක 276, ඇල්පිටිගල මාවත, කොළඹ.

දුරකථනය සොයා ගන්නා අන්දම.

මෙම පියවරෙන් ඔබේ කාර්යබාරය නිමා වන අතර ඉන්පසුව ඇරඹෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ ක්‍රියාවයි. එහිදී TRCSL (විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව) වෙත ඔබේ ලිපිය ලැබුණු පසු ඔවුන් විසින් එම ලිපියේ සඳහන් විස්තර අනුව සකසන ලද වාර්ථාවක් සෑම දුරකථන සබදතා සපයන ආයතන වෙත යොමු කරනු ලැබේ. එමගින් ඔබේ නැති වූ දුරකථනය කිසියම් සිම් පතක් උපයෝගී කරගෙන දුරකථන ජාලයකට සම්බන්ධ වූ සැනින් එම දුරකථන සමාගම ඒ පිළිබදව රහස්‍ය වාර්තාවක් TRCSL වෙත යොමු කෙරේ. ඒ පිළිබදව ලිපියක් ඔබ වෙතද යොමු කරනු ලැබේ. අවසානයේ TRCSL මගින් පොලීසිය වෙත අවශ්‍ය හෝඩුවාවන් ලබාදුන් පසු පොලීසිය මගින් නැතිවූ ජංගම දුරකථනය දැනට භාවිතා කරන පුද්ගලයා පොලීසියට කැදවා ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කර නැවතත් ඔබේ දුරකථනය ඔබ අතට ලැබීමට සලස්වනු ඇත.

ඔබේ නැතිවූ දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් නම්.

ඔබගේ නැතිවූ හෝ සොරාගත් දුරකථනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන ස්මාට් දුරකථනයක් නම් නව තාක්ෂණය භාවිතා කොට සොයා ගත හැකිය. ඒ සඳහාද පළමුව කී ඊමේල් ගිණුමෙහි මුරපදය (Password) වෙනස් කිරීම ඔබේ ආරක්ෂාවට වැදගත්ය. මේ සදහා Find my phone යන වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න. ඉන්පසුව ඔබගේ ඊමේල් ගිණුමට ඇතුළු වන ලෙස දැනුම් දෙන අතර එහිදී ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය ලියාපදිංචි කර ඇති ජීමේල් ගිණුමට පිවිසිය යුතුය.  එවිට ඔබ එම ජීමේල් ගිණුමට ලියාපදිංචි කර ඇති දුරකථන පිළිබද විස්තර ඇතුලත් ලේඛනයක් ලබා දෙන අතර එමගින් ඔබේ නැති වූ දුරකථනය නාද කිරීමටත් දැනට පවතින ස්ථානය ගූගල් මැප් තුලින් බලා ගැනීමටත් අවශ්‍ය නම් එහි ඇති දත්ත මකා දැමීමත් කළ හැකිය (01 රුපය). නමුත් මෙම ක්‍රමය මගින් දුරකථනය සොයා ගැනීමට එය අන්තර්ජාලය හා සම්බන්ධව තිබිය යුතුය.

Untitled

01 රූපය

තවත් මෙවැනි ප්‍රයෝජනවත් ලිපි ඉක්මනින් ලබා ගැනීමට අපව ෆලෝ කරන්න. පහතින් ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් කර Follow us බටනය ක්ලික් කරන්න. අපගේ පරිගණක පියස ෆේස්බුක් පිටුවත් ලයික් කරන්න. ඔබගේ අදහස් පහළින් පළ කරන්න. යාළුවන්ටත් දැනගන්න ෂෙයාර් කරන්න.

Advertisements

One response to “නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගන්නේ කොහොමද?

  1. Pingback: නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගන්නේ කොහොමද? | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s