ලොව දැවැන්තම විශ්වකෝෂය, විකිපීඩියා.

අද ලෝකයේ ජනප්‍රියම සහ විශාලතම වෙබ් අඩවි අතරින් හත් වැනි තැන සිටින විකිපීඩියා ඔන්ලයින් විශ්වකෝෂය (wikipedia online encyclopedia), ඉතා නිවැරදි තොරතුරු ඇතුලත් මිනිස් ඉතිහාසයේ දැවැන්තම දැනුම් සම්බාරය ලෙස සැලකේ.

ඇමරිකානු ජාතික ජිමී වේල්ස් සහ ලැරී සැන්ගර් යන දෙදෙනා විසින් 2001 වසරේ ජනවාරි 15 වැනිදා විකිපීඩියා ඔන්ලයින් විශ්වකෝෂය ආරම්භ කරන ලදී. ඒ ලෝකයාට අලුත් සම්ප්‍රධායක් හදුන්වා දෙමිනි. යම් මාතෘකාවක් ගැන ඇති තොරතුරු සියල්ල මහජනයා වෙතින් සපයා ගෙන, මහජනයා ලවාම එහි දොස් හැර, නිවැරදි තොරතුරු පමණක් රැදී ඇති විශ්වකෝෂයක් නිර්මාණය කිරීම මෙම සම්ප්‍රදායයි. ලෝකයේ නන් දෙස සිටින, ස්වේච්ඡාවෙන් තොරතුරු සම්පාදනය කොට දෙන මහ සෙනඟකගේ ශ්‍රමයෙන් ලොව හොදම විශ්වකෝෂය නිර්මාණය වෙනු ඇතැයි මෙම අපූරු ක්‍රමය නිර්මාණය කළ ජිමී වේල්ස් සහ ලැරී සැන්ගර් එදා සිතුවෝය.

අද එය යථාර්තයක්ව තිබෙන්නේ වසර 250ක් තිස්සේ පවත්වා ගෙන යන බ්‍රිතැනිකා විශ්වකෝෂය (Encyclopedia Britannica) තරම්ම මෙයත් නිවැරදි බැවිනි. එසේම ලොව පුරා තැන තැන සිටින එක් ලක්ෂ පනස් දහසක පමණ දෙනා යවජීව ලෙස විකිපීඩියා සංස්කරණ කටයුතුවල යෙදී සිටින බැවිනි.

ඉන් එක් ලක්ෂ පහලොස් දහසක් දෙනා දිනපතාම පාහේ විකිපීඩියාව සංස්කරණය කරන අය වේ. මෙම පිරිස හදුන්වන්නේ විකිපීඩියන්වරු (wikipedians) ලෙසයි. කොටින්ම මෙම විකිපීඩියන්වරුන්ට පවා විකිපීඩියා විශ්වකෝෂයට අසත්‍ය තොරතුරු ඇතුලත් කළ නොහැක. මන්ද අසත්‍ය තොරතුරු ඇතුලත් කලහොත් සත්‍ය තොරතුරු දන්නා අයෙක් එය දුටු සැනින් එය ඉවත් කර නිවැරදි කරන බැවිනි. මෙහි විශේෂත්වය වන්නේ විකිපීඩියාවේ ඇති ඕනෑම ලියමනක්, ලෝකයේ ඕනෑම කෙනෙකුට සංස්කරණය කරන්නට (open editing) හැකියාව පැවතීමයි.

පිවිසෙන්නන් කිහිප දෙනෙකුට එකවර සංස්කරණය කළ හැකි වෙබ් අඩවි විකි (wiki) නම් වේ. මුල්ම විකි වැඩසටහන සකසනු ලැබුවේ 1994දී වෝඩ් කනිංහැම් නම් ඇමරිකානු ක්‍රමලේඛ ශිල්පියා විසිනි. හවායි වාසීන්ගේ භාෂාවට අනුව ‘විකි’ යනු ‘ඉක්මන්’ යන තේරුම දෙන වචනයකි. එම ‘විකි’ යන වචනය, විශ්ව කෝෂය යන්නට එන්සයික්ලෝපීඩියා (encyclopedia) යන ඉංග්‍රීසි වදනේ ‘පීඩියා’ යන කොටසත් එක් කොට ‘විකිපීඩියා’ යන නම තැනුයේ, ලැරී සැන්ගර් ය.

මෙම අනගි දැනුම් කෝෂය නිර්මාණය කළෝ මෙන්ම එයට සක්‍රියව දායක වෙමින් පවත්වා ගෙන යන්නෝ ඉන් ආදායමක් බලාපොරොත්තු නොවෙති. ඔවුහු මෙය හුදෙක් ලෝක සේවාවක් සේ සලකා නිර්මාණය කළහ. තවද මෙම සේවාවෙන් විකිපීඩියන්වරුන්ටද කිසිදු ආදායමක් ලැබෙන්නේද නැත. මන්ද විකිපීඩියාවේ ඇති ලිපිවල කර්තෘ නාම සඳහන් නොවන බැවිනි. මෙම විකිපීඩියාව සක්‍රීයව තබා ගනිමින් එය මෙහෙයවනු ලබන්නේ ලාබ නොලබන ආයතනයක් වන විකිමීඩියා ෆවුන්ඩේෂන් ආයතනය විසිනි. එය විවිධ මාදිලියේ පර්ත්‍යාගශීලින්ගෙන් ලැබෙන මුදල්වලින් පවත්වාගෙන යන්නකි.
මීට අවුරුදු පහළොවකට පෙර විකිපීඩියාවේ සඳහන්ව තිබුණේ ජිමී වේල්ස් විසින් ලියූ “Hello World” යන වැකිය පමණි. අද එහි විවිධ භාෂා 285කින් ලියූ ලිපි මිලියන 38ක් පමණ තිබේ. ලෝකයේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ ඉංග්‍රීසි විකිපීඩියාවයි. දැන් එහි ලිපි ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් පවතින බව වාර්ථා වේ. එය පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාවට වෙහෙසුණත් කියවා නිම කළ නොහැකි විශාල දැනුම් සම්බාරයකි. දැන් ගණන් හදා තිබෙන අන්දමට යම් අයෙක් කිසි විවේකයක් නොගෙන දිවා රෑ එක දිගටම විනාඩියකට වචන 300 බැගින් කියවා ගෙන ගියද, ඉංග්‍රීසි විකිපීඩියාව පමණක් කියවා හමාර කිරීමට වසර 20ක් ගතවේ.

විකිපීඩියා විශ්වකෝෂය ගැන ඔබ නොදන්නා කරුණු කිහිපයක් පහතින්…

facts

තවත් මෙවැනි පරිගණක තාක්ෂණික ලෝකයේ අධ්‍යාපනික ලිපි සිංහලෙන් කියවන්න අපගේ පරිගණක පියස ෆේස්බුක් පිටුව ලයික් කරන්න. අළුතින්ම එකතුවන ලිපි විද්‍යුත් තැපෑල මගින් නොමිලේ ලබා ගැනීමට පහතින් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය (email address) ඇතුලත් කරන්න.

Advertisements

5 responses to “ලොව දැවැන්තම විශ්වකෝෂය, විකිපීඩියා.

  1. Pingback: ලොව දැවැන්තම විශ්වකෝෂය, විකිපීඩියා. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. Pingback: ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 10. | පරිගණක පියස·

  3. Pingback: ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 10. | පරිගණක පියස·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s