Edge බ්‍රව්සරය, ක්‍රෝම්ට වඩා ඉදිරියෙන් බව මයික්‍රොසොෆ්ට් ඔප්පු කරයි.

ඔබ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නෙක් නම් ඔබ මෙම ගැටලුවට මුහුණ දී ඇතිවාට සැක නැත. එනම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සාපේක්ෂව වැඩි බැටරි බලයක් පරිබෝජනය කිරීම හේතුවෙන් ලැප්ටොප් පරිගණකයේ බැටරිය ඉක්මනින් බැස යාමයි. මෙම ගැටලුවට ගූගල් ආයතනය පොරොන්දු වූ පරිදි කඩිනම් විසදුම් ඉදිරිපත් කළද ඒවායින් සැලකිය යුතු වෙනසක් නොපෙනේ. මෙවැනි තත්වයක් යටතේ, ගූගල් සමාගම සමග කරට කර සටනක් ගෙන යන මයික්‍රෝසොෆ්ට් සමාගම වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය සමග එන මයික්‍රොසොෆ්ට් එඩ්ජ් (Microsoft edge) වෙබ් බ්‍රව්සරය, ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වඩා ඉදිරියෙන් සිටින බව ඔප්පු කර පෙන්වීමට අවස්ථාවක් කොට ගත්තේය.

විද්‍යාගාර තත්වයන් යටතේ සිදුකළ පරීක්ෂණ සඳහා මයික්‍රොසොෆ්ට් edge, ගූගල් ක්‍රෝම්, ඔපෙරා හා මොසීලියා ෆයර්ෆොක්ස් යන ලොව ජනප්‍රිය වෙබ් බ්‍රව්සර යොදා ගැනිණි. මුලින්ම සිදුකරන ලද පරීක්ෂණයේදී ඉහත කී වෙබ් බ්‍රව්සර හතර මගින් එකවර, සමාන බැටරි ආරෝපණයකින් යුතුව HD Streaming වීඩියෝවක් ධාවනය කෙරිණි. ඒ එක් එක් බ්‍රව්සරය මගින් කොපමණ කාලයක් වීඩියෝව ධාවනය කළ හැකිදැයි දැනගැනීම පිණිසය. එම පරීක්ෂණයේදී මයික්‍රොසොෆ්ට් එඩ්ජ් බ්‍රවිසරය පැය හතයි මිනිත්තු විසි දෙකක කාලයක් ක්‍රියා කළ අතර ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වීඩියෝව ධාවනය කළ හැකි වූයේ පැය හතරකුත් මිනිත්තු දහ නවයක කාලයක් පමණි. තවද පරීක්ෂණයට ගත් ෆයර්ෆොක්ස් බ්‍රව්සරය පැය පහයි මිනිත්තු නවයක කාලයක්ද ඔපෙරා බ්‍රව්සරය පැය හයකුත් මිනිත්තු දහ අටක කාලයක් වාර්ථා කළ බව වාර්ථා වේ.

chrometest1.0

ඉන්පසුව ඉහත කී වෙබ් බ්‍රව්සර යොදාගෙන විවිධ වෙබ් අඩවි විවෘත කරමින්, විවිධ ලිපි හසුරුවමින්, වීඩියෝ ධාවනය කරමින් හා අළුතින් ටැබ් (Tab) විවෘත කරමින් පරීක්ෂණය සිදු කළ අතර එහිදීද සනාථ වූයේ මයික්‍රොසොෆ්ට් Edge බ්‍රව්සරය අනිකුත් බ්‍රව්සර අභිබවා ඉදිරියෙන් සිටින බවයි.

chrometest2.0

මයික්‍රොසොෆ්ට් හි කලින් තිබූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් (Internet Explorer) බ්‍රවිසරයට පසුව එළිදැක්වූ මෙම Edge බ්‍රව්සරය වේගය අතින් මෙන්ම තවත් අළුත් විශේෂාංග යොදා වැඩිදියුණු කර ඇති අතර එය CPU cyclesහි සහය ලබා ගැනීමත්, අඩු රැම් මතක ධාරිතාවයක් පමණක් අවශ්‍ය වීමත්, පසුබිම් ක්‍රියාවන් හා ෆ්ලෑෂ් දැන්වීම් පාලනය කිරීමත් හේතුවෙන් edge බ්‍රව්සරය මෙලෙස අඩු බැටරි පරිබෝජනයක් කරන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සදහන් කරයි. තවත් විස්තර සඳහා මයික්‍රොසොෆ්ට් එඩ්ජ් වෙබ් අඩවියට පිවිසෙන්න.

තවත් මෙවැනි තාක්ෂණීක පුවත් සඳහා පරිගණක පියස ෆේස්බුක් පිටුව ලයික් කරන්න. ඔබගේ අදහස් පහළින් පළ කරන්න. යාළුවන්ටත් බලන්න Share කරන්න.

සැකසුම – බවන්ත හේරත්

Advertisements

One response to “Edge බ්‍රව්සරය, ක්‍රෝම්ට වඩා ඉදිරියෙන් බව මයික්‍රොසොෆ්ට් ඔප්පු කරයි.

  1. Pingback: Edge බ්‍රව්සරය, ක්‍රෝම්ට වඩා ඉදිරියෙන් බව මයික්‍රොසොෆ්ට් ඔප්පු කරයි. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s