චීනයට වෙනමම වින්ඩොස් සංස්කරණයක් එයි.

කලින් කිසිදු වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක නොතිබූ අමුතු වින්ඩොස් 10 සංස්කරණයක් එළි දක්වා තිබේ. එය චින සංස්කරණයයි. චීන බසින් එය සුආන්ගොන්ග්බෑන් (Zhuangongban) ලෙස හදුන්වයි. එහි අර්ථය විශේෂයෙන් සකසන ලද මෙහෙයුම් පද්ධතිය යන්නයි.

Windows-10-“Zhuangongban-Edition”-

චීනය, වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය ඇතුළු අනෙකුත් මෙහෙයුම් පද්ධකි හදුන්වනු ලැබුවේ ඔත්තු බලන වැඩසටහන් ලෙසය. ඒ ඇමරිකානු රජය විසින් චිනයේ ඔත්තු බැලීමට මෙහෙයුම් පද්ධකිය යොදාගන්නා තේරුමෙනි. එමනිසා චීන රජය විසින් සියළුම වින්ඩොස් ආදී ඇමරිකානු මෙහෙයුම් පද්ධතිය චීනය තුළ තහනම් කර තිබුණි. මෙතෙක් හා දැනට චීනයේ බහුලව භාවිතා වන්නේ චීනය විසින් නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියකි. චීනය විසින් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිවලට එල්ල කරන චෝදනා දෙක වන්නේ, වින්ඩොස් යොදාගෙන ඇමරිකාව විසින් චීනයේ ඔත්තු බැලීම හා එම වින්ඩොස් මෙහෙයුම් පද්ධති බාවිතා කරන චීන ජනයා කරන වැඩ මොනවාදැයි චීන බලධාරීන්ට දැන ගන්නට ක්‍රමයක් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය මගින් සපයන්නේ නැති බවයි.

මයික්‍රොසොෆ්ට් සමාගම මෙම ඔත්තු බැලීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර දෙවැනියට සදහන් කරන ලද චෝදනාව පිළ ගනී. එහෙත් එය චෝදනාවක් ලෙස නොව, වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ ඇති ආරක්ෂක ගුණාංගයක් වශයෙනි. එනම් වින්ඩොස් 10 ඇතුළු අනෙකුත් සංස්කරණ සියල්ලම එය භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වය සුරකී. එනම් ඒවා වෙනත් කෙනෙකුට දැන ගැනීමට පහසු නැත.

වින්ඩොස් 10 චීන ආණ්ඩු සංස්කරණය, චීනය විසින් පිළිගෙන ඇතැයි චීනයේ කායිෂිං (Caixin) සඟරාව පසුගියදා එළිකලාය. චීනයේ මයික්‍රොසොෆ්ට් ප්‍රධානී රැල්ෆ් හොප්ටර් මෙහිදී පවසා තිබුණේ, සාමාන්‍ය වින්ඩොස් පද්ධතියේ ඇති විශේෂාංග ගණනාවක් ඉවත් කර, චීන ආණ්ඩු සංස්කරණය සකසා ඇති බවයි. එහෙත් ඒ මොනවාද කියා නිශ්චිතවම සඳහන් කර නැත.

මේ ගැන විමසමින් විවිධ විද්වතුන් සැක පළ කොට ඇත්තේ වින්ඩොස් 10 චීන සංස්කරණය තුළ එය භාවිතා කරන්නාට රිසි සේ හැඩගස්වා ගැනීමට ඇති පහසුකම් සියල්ල ඉවත් කර ඇති බවයි. එසේම පෞද්ගලිකත්වය (privacy) සීමා කර ගැනීමට ඇති විශේෂාංග සියල්ලක්ම පාහේ ඉන් ඉවත් කොට තිබෙන්නට පුළුවන් බවයි. එසේම චීන බලධාරීන් කියන, ඇමරිකාවට ඔත්තු බලන්නේය කියා සැක කරන වින්ඩොස් 10 විශේෂාංග පමණක් නොව එහි කේත පවා සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබිය හැකි බවයි.

චීන ආණ්ඩුව විසින් එරට මහජනයාට ලබා දෙන අන්තර්ජාල සබදතා සහ සේවා ආණ්ඩුවේ පාලනයට  නතු කොට තිබේ. චීන මහජනයා අන්තර්ජාලය හරහා කරන වැඩ සියල්ල චින ආණ්ඩුවේ අවසර ලත් ඒවා විය යුතුය. මෙම නීතියට අවනත නොවීම නිසා වින්ඩොස් මෙහෙයුම් පද්ධති චීනයේ තහනමට ලක්ව තිබුණද නව චීන සංස්කරණ වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය විසින් චීන රජයේ ඕනෑ එපාකම් සපුරාලන බැවින් ඉදිරියේදී ලොව වැඩිම ජනගහනයක් ජීවත් වන චීනයේද මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ගේ මෙහෙයුම් පද්ධති සාර්ථකව ව්‍යාප්ත කරනු ඇත.

ඔබගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි තොරතුරු සඳහා අපගේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

Advertisements

2 responses to “චීනයට වෙනමම වින්ඩොස් සංස්කරණයක් එයි.

  1. Pingback: චීනයට වෙනමම වින්ඩොස් සංස්කරණයක් එයි. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s