ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය.

අදවන විට ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධකිය බවට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතිය පත්වී ඇත්තේ අනෙක් ප්‍රබල මෙහෙයුම් පද්ධති වන වින්ඩොස්(Windows) හා අයි ඕ(IOS) එස් පරයාය. ලෝකප්‍රසිද්ධ තාක්ෂණ වෙළද සමීක්ෂණ ආයතනයක් වන ගාට්නර් ආයතනය විසින් පසුගිය 2015 මැයි මාසයේ පළ කල වාර්තාවලට අනුව අද ලොව වැඩියෙන්ම භාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එය 78.9%කි. ඇපල් සමාගමේ අයි ඕ එස් 17.9% ක් වන විට වින්ඩොස්හි භාවිතය 2.5%කි. ඇන්ඩ්‍රොයිඩ් හි මෙම ජනප්‍රියතාවයට ප්‍රධාන වශයෙන් එය අංග සම්පූර්ණ මොබයිල් මෙහෙයුම් පද්ධකියක් වීමත්, ඕනෑම ජංගම උපාංගයකටම ගැලපෙන මෘදුකාංග සියල්ල අට්ටියක් සේ ඉදිරිපත් කිරීමත් බලපා ඇත. මෙලෙස ජනප්‍රියත්වයට පත් ලොව අංක එකේ මොබයිල් මෙහෙයුම් පද්ධකියේ ඉතිහාසය පිළිබදව පරිගණක පියසේ මෙම ලිපියෙන් ඔබ වෙත කරුණු ගෙන එන්නෙමු.

ඉතිහාසය

වර්ෂ 2001දී, ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන නිර්මාණය කිරීම ආරම්භ කෙරිණි. ඇමරිකානු ජාතිකයන් වන ඇන්ඩි රූබින්, රීච් මයිනර්, ක්‍රිස් සහ නික් පියර්ස් යන පරිගණක වැඩසටහන් සකසන්නෝ මෙහි මූලාරම්භය ගත්හ. පාවිච්චි කරන්නාගේ ඕනෑ එපාකම් හොදින්ම සපුරන්නට හැකි පරිගණක වැඩසටහනක් සැකසීම මෙම පිරිසේ අරමුණ විය. එම අරමුණ සපුරාලනු වස්, 2003දී ඇන්ඩ්‍රොයිඩ් ඉන්කෝපරේෂන් සමාගම පිහිටුවීය. එහෙත් එය සාර්ථක නොවීය. ආදායමක් උපයා ගැනීමට නොහැකි වීම නිසා සමාගම බංකොලොත්භාවයට පත්වෙමින් පවතින විට, 2005 අගෝස්තුවේදී ගූගල් සමාගම විසින් ඇන්ඩි රූබින් ඇතුළු සේවක පිරිසද සමගින් මිළදී ගන්නා ලදි. මෙම ගනුදෙනුවෙන් පසුව මොබයිල් උපාංග සදහා නව පන්නයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම ඇරඹිණි. ඒ ගූගල් ඇන්ඩ්‍රොයිඩ් (Google Android) යන නමිනි. ඇන්ඩි රූබින්ගේ මූලිකත්වයෙන්, ගූගල් සමාගමේ සේවකයන්ද එක්ව මෙම නව මෙහෙයුම් පද්ධතිය සකසා නිම කරන ලද්දේ 2007 වසරේදී ය.

ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය මූලික වශයෙන් ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන පාදක කොට ගෙන නිර්මාණය කරන ලද්දකි. XML, c, java සහ C++ යන ක්‍රමලේඛ භාෂා ඇසුරෙන් ඇන්ඩ්‍රොයිඩ් ගති ලක්ෂණ නිමවා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ක්‍රමලේඛ කේත පේළි එක්කෝටි විසි ලක්ෂයක් පමණ තිබෙන බව සදහන් වේ. එහි XML කේත පේළි 30 ලක්ෂයකි. C කේත 28 ලක්ෂයකි. java කේත 21 ලක්ෂයකි. C++ කේත පේළි ලක්ෂ 17.5කි. මෙම සියල්ල සමගින් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදිය හැක්කේ ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක් ලෙසය. එනම් ඕනෑඹ කෙනෙකුට නොමිලේ ගෙන, තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කර භාවිතා කළ හැක. එහෙත් එය දරඳඩු පිළිවෙලකට කළ නොහැක. නීති රීති රාමුවකට යටත්ව කළ යුත්තකි. එනම් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධතියට භාරකාරයෙක් සිටී. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ භාරකරුවා, ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් (Open Handset Alliance) යන ආයතනයයි.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මූලික සංස්කරණය නිමවා අවසන් වූ පසු 2007 නොවැම්බර් මස ගූගල් සමාගමේ මුලිකත්වයෙන් ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් ආයතනය පිහිටුවීය. ඒ ලෝකප්‍රකට ජංගම දුරකථන සහ උපාංග නිෂ්පාදනය කරන සමාගම්වල එකමුතුවෙනි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ හැකියාවන්ට උචිත වන සේ ජංගම උපාංග සෑදීමත් අළුත් උපාංගවලට ගැලපෙන සේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය දියුණු කිරීමේ මාවත් තෝරා බේරා ගැනීමත්, මෙම ඕපන් හෑන්ඩි සෙට් එලායන්ස් ආයතනය විසින් කරනු ලබයි.

මේ සියල්ලෙන් පසු 2008 සැප්තැම්බර් 20 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ කේත සටහනම, ගූගල් ආයතනය විසින් ප්‍රසිද්ධ කරන ලදී. ඒ එම කේත සටහනට ගැලපෙන සේ නොයෙක් වැඩසටහන් (Applications) හෙවත් ඇප්ස් (apps) නිර්මාණය කිරීමට අනුබල දෙමිනි. එසේම 2008 සැප්තැම්බර් 23 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ පළමු වාණිජ සංස්කරණය නිකුත් කෙරිණි. එය ඇන්ඩ්‍රොයිඩ් 1.0 ය.

මෙතැන් පටන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත් අලුත් සංස්කරණ එළි දැක්විණි. ඒවා නම් කෙරුණේ අතුරුපසවල ඉංග්‍රීසි නම්වලිනි. එයද ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලටය. එසේ එළි දැක්වුණු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ පහත පරිදි වේ.

ඔබගේ අදහස් පහළින් පළ කරන්න. අපගේ ෆේස්බුක් පිටුවද ලයික් කරන්න.

Advertisements

One response to “ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය.

  1. Pingback: ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s