මොබිටෙල් උපහාර මගින් නොමිලේ ස්මාට් ෆෝන්

“විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් පිරිනමන්නට යළිත් උපහාර” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය එක්ව, පසු ගෙවුම් පැකේජයක් සමග ස්මාට් ජංගම දුරකථනයක් ඇතුලත් විශේෂිත දීමනාවක් හදුන්වා දී තිබෙනවා. මොබිටෙල් උපහාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙය, රාජ්‍ය අංශයේ රැකියාවේ නියුතු සේවකයන්ට පිරිනමන අතර නොමිලේ පිරිනමන ඇමතුම් කාලයන් හා නොමිලේ පිරිනමන දත්ත මෙම පැකේජය සඳහා හිමිවන විශේෂ දීමනාවන්ය.

පසු ගෙවුම් පැකේජය

මෙම පසු ගෙවුම් පැකේජය ආකර්ශනීය නොමිලේ හිමිවන ඇමතුම් හා දත්ත වගේම විශේෂිත ඇමතුම් ගාස්තු වලින් යුත්තයි. මෙම පැකේජය සදහා මාසික ගාස්තු වශයෙන් රු. 749/- ගෙවිය යුතු අතර එය වසර දෙකක කාලයක් සඳහා පමණක් වනවා. වසර දෙකකින් පසුව එය රු.449/- දක්වා අඩුවන බව සදහන් වනවා. පැකේජයට අදාලව නොමිලේ M2M ඇමතුම් විනාඩි 500ක් මාසිකව හිමිවන අතර නොමිලේ 2GB දත්ත ප්‍රමාණයක් මාසිකව හිමිවේ. මෙම පැකේජයේ අමතර ගාස්තු වශයෙන් නොමිලේ හිමිවන කාලයට අමතරව ගන්නා ලද ඇමතුම් (M2M/M2O) සදහා විනාඩියට රු. 1.50/- ක්, SMS (M2M/M2O) සදහා ශත 20 ක් වශයෙන් ගාස්තු අයවේ. තවද අමතර දත්ත භාවිතයේදී 1MB සදහා ශත 20ක් අයවේ.

ජංගම දුරකථන

මොබිටෙල් උපහාර වෙතින් පිදෙන පැකේජය මගින් ස්මාට් ජංගම දුරකථන දෙකක් නිර්දේශ කරන අතර එමගින් ඔබේ කැමැත්ත පරිදි එකක් තෝරා ගත හැකියි. මේ සඳහා නිර්දේශිත දුරකථන වන්නේ Huawei Ascend Y541 හා SAMSUNG Galaxy ace Nxt 2 යන ස්මාට් දුරකථනයන්ය.

Huawei Ascend Y541

77201554825PM_635_huawei_y541 Huawei Ascend Y541 ස්මාට් ජංගම දුරකථනය 1.2GHz Quad-core ප්‍රොසෙසරයකින් බලගැන්වෙන, 1GB රැම් මතක ධාරිතාවයකින් සමන්විත හා ඇන්ඩ්‍රොයිඩ් 4.4.1 කිට්කැට් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාකරනු ලබනවා. මෙහි පසුපස ප්‍රධාන කැමරාව 8MP වන අතර ඉදිරිපස කැමරාව 2MP වේ. මෙහි ද්විතියික මතක ධාරිතාව වශයෙන් 8GB ධාරිතාවක්ද පිටතින් 32GB දක්වා වැඩි කර ගත හැක.

SAMSUNG Galaxy ace Nxt 2

Samsung Galaxy nxt 2 SAMSUNG Galaxy ace Nxt 2 ස්මාට් ජංගම දුරකථනය 1.2GHz Quad-core ප්‍රොසෙසරයකින් බලගැන්වෙන, 512MB රැම් මතක ධාරිතාවයකින් සමන්විත හා ඇන්ඩ්‍රොයිඩ් 4.4.1 කිට්කැට් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාකරනු ලබනවා. මෙහි පසුපස ප්‍රධාන කැමරාව 3MP වේ. මෙහි ද්විතියික මතක ධාරිතාව වශයෙන් 4GB ධාරිතාවක්ද පිටතින් 32GB දක්වා වැඩි කර ගත හැක.

සුදුසුකම්

මෙම දීමනාව රාජ්‍ය අංශයේ රැකියාවේ නියුතු සේවකයන්ට පමණක් ලබා ගත හැකියි.

අවශ්‍ය ලිපි ලේඛන

මෙම දීමනාව ලබා ගැනීමට පාරිබෝගිකයා විසින් පහත දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද එකඟතා ගිවිසුම් පත්‍රය.
  2. පසු ගෙවුම් ග්‍රාහක අයදුම් පත්‍රය.
  3. ජාතික හැදුනුම්පත්‍රය.
  4. යෝග්‍යතාවය සහතික වන ලියකියවිලි.
    •  අදාල රාජ්‍ය අංශය මඟින් නිකුත් කරන ලද වෘත්තීය සහතිකය.
      හෝ
    • රාජ්‍ය ආයතනය මගින් ලබා දී ඇති වලංගු සේවක හැදුනුම්පත.
      වලංගු බිල්පත් සහතිකය.
    • මෑත කාලීන වැටුප් පත්‍රයක්. (මාස 3ක් නොඉක්මවූ)
  5. ඇපකරුගේ ජාතික හැදුනුම් පත්‍රය, වෘත්තීයමය සහතික පත්‍රය/ සේවක හැදුනුම්පත්‍රය සහ මෑත කාලීන වැටුප් පත්‍රය.

කොන්දේසි.

  1. ජාතික හැදුනුම්පතක් සඳහා ලබා ගත හැකි වන්නේ එක් සම්බන්ධතාවයක් පමණි.
  2. සම්බන්ධතාවය ලබා ගැනීමේදී පාරිබෝගිකයා මාස 24ක ගිවිසුම් කාලයක් සඳහා යටත් වේ.
  3. සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවයේ නියුතු ඇපකරුවකු අවශ්‍ය වන අතර එක් අයෙකුට ඇපකරු ලෙස එක් වරක් පමණක් සහතික විය හැක.
  4. මාස 24ක ගිවිසුම් කාලය ඉකුත් වීමට පෙර මෙම සේවාව අත්හිටුවන්නේනම් පාරිබෝගිකයාගෙන් වන්දි මුදලක් අය කරනු ලැබේ.
  5. ගෙවීම් පැහැර හරින්නේ නම් ඇපකරු අදාළ වන්දි මුදල සදහා ගෙවීම් කිරීමට බැදී සිටී.
  6. බලයලත් අලෙවි නියෝජිතයා මගින් ලබා දෙන වගකීම් කාලය මෙම ජංගම දුරකථන සඳහා අදාළ වේ.

වැඩි විස්තර සඳහා අමතන්න.

1717

UpaharaEnglish_0

ඔබගේ අදහස් පහළීන් Comment කරන්න. අපගේ ෆේස්බුක් පිටුවත් ලයික් කරන්න. යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s