Torrent files, Download කරගන්නේ කොහොමද?

අන්තර්ජාලය හරහා යම්කිසි චිත්‍රපටයක්, රූපවාහිනී කතා මාලාවක්, පරිගණක ක්‍රීඩාවක් වැනි දත්ත ගොනුවක් ලබා ගැනීමට විශාල වශයෙන් භාවිතා කරන ක්‍රමවේදයක් ලෙස Torrent ජනප්‍රිය ක්‍රමවේදයකි. මෙම ක්‍රමය කෙතරම් පහසු හා සරල වගේම ඉක්මන් ක්‍රමවේදයක් වුවද ලංකාවේ ඇතැම් පරිගණක පරිශීලකයන් අතර මේ පිළිබදව අවබෝධයක් නොමැති බව අප වෙත යොමුකරන ඉල්ලීම් වලින් සනාථ වේ. Torrents පිළිබදව ලිපියක් පළ කරන ලෙස කිහිපදෙනෙකු කළ ඉල්ලීම සලකා මෙම ලිපිය පළ කරන්නෙමු.

මොකක්ද මේ Torrent?

ටොරන්ට් යනු අන්තර්ජාලය ඔස්සේ දත්ත ඩවුන්ලෝඩ් කිරීමේදී දත්ත ලබා ගන්නා පුද්ගලයා හා දත්ත අන්තර්ගත පරිගණකය අතර සම්බන්ධතාවය සලසා ඉක්මනින් ඩවුන්ලෝඩ් ක්‍රියාවලිය සිදුකර දෙනු ලබන ක්‍රියාවලියක් ලෙස සරලව පැහැදිලි කළ හැක. 2006 දෙසැම්බර් 07 වන දින ස්වීඩන් ජාතික Ludvig strigeus විසින් නිර්මාණය කරන ලද Torrentහි හිමිකාරීත්වය දරනු ලබන්නේ Bittorrent නම් සමාගමයි.

Torrentහි ක්‍රියාකාරීත්වය.

ටොරන්ට් ඔස්සේ යම්කිසි දත්ත ගොනුවක් (උදා – ච්ත්‍රපටයක්) පිළිබදව සෙවුමක් (Search) කළවිට එමගින් ලබා දෙන්නේ අදාල දත්ත ගොනුව නොව එම දත්ත ගොනුවේ විස්තර හා අදාල දත්ත ගොනුව ඩවුන්ලෝඩ් කර ගත හැකි දත්ත ගබඩා, පරිගණක (Servers) පිළිබද විස්තර ඇතුලත් කල ෆයිල් (File) එකකි. එම ලබාගත් ෆයිල් එක μtorrent නම් මෘදුකාංගය මගින් කියවා එම විස්තර උපයෝගී කරගෙන අදාල දත්ත ගබඩාවලට සම්බන්ධ වී උවමනා කරන දත්ත ඩවුන්ලෝඩ් කිරීම සිදු කෙරේ.

Torrent මගින් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?

Torrent මගින් යම් දෙයක් ඩවුන්ලෝඩ් කිරීමට ප්‍රථමයෙන් μTorrent නම් මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත (Install) කර ගැනීම අවශ්‍ය වනවා. මෙතනින් පිවිස μTorrent මෘදුකාංගය ලබා ගත හැකියි.

ඉන්පසු ටොරන්ට් සර්ච් එන්ජිමක් මාර්ගයෙන් ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය දත්ත පිළිබදව Search කළ යුතුයි. ඒ සදහා පහත සෙවුම් යන්ත්‍රවලින් ඕනෑම එකක් භාවිතා කළ හැකියි.

මෙසේ සෙවීමේදී විශාල දිගු ලැයිස්තුවක් ලැබෙන අතර ඒ අතරින් ඔබට හරියටම අවශ්‍ය වන Torrent file එක තෝරා ක්ලික් කරන්න. එසේ තේරීමේදී එයට අදාලව සටහන් කර ඇති peers ප්‍රමාණය පිළිබදව විශේෂයෙන් සැලකිලිමත් වන්න(01 රූපය).  peer එකක් හෝ නොමැති ෆයිල් ඩවුන්ලෝඩ් කල නොහැකි අතර peers වැඩි ප්‍රමාණයක් පවතින ෆයිල් ඉක්මනින් ඩවුන්ලෝඩ් කල හැක.

torrentz-eu

-01 රූපය-

ඉන්පසුව ක්ලික් කළ ෆයිල් එකට අදාල පිටුව විවෘත වූ පසු එහි පහලින් ඇති කමෙන්ට් (Comments) කියවා බලන්න. ඒවා සතුටුදායක නම් එම ෆයිල් එක නිවැරදි ෆයිල් එකක් බවට සනාථ කළ හැකියි. ඉන්පසු එම පිටුවේ ඇති Download Torrent නම් බටනය ක්ලික් කිරීම මගින් කිලෝ බයිට් කිහිපයක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන අතර එය Torrent File එක ලෙස හදුන්වන බව ඉහතදීද සදහන් කළෙමු.

දැන් එම ඩවුන්ලෝඩ් කරගත් Torrent file එක μTorrent මෘදුකාගය මගින් විවෘත කරගන්න. අවසානයේදී අවශ්‍ය දත්ත ඩවුන්ලෝඩ් විය යුතු ස්ථානය ලබාදී ඩවුන්ලෝඩ් කරගත හැක. තවද අවශ්‍ය නම් ඩවුන්ලෝඩ්වීම නැවැත්වීම, තාවකාලිකව නැවැත්වීම ආදී තේරීම් රැසක් මෘදුකාංගය මගින් සිදුකර ගත හැක (02 රූපය) .

-02 රූපය-

-02 රූපය-

ඔබගේ අදහස් පහළීන් Comment කරන්න. අපගේ ෆේස්බුක් පිටුවත් ලයික් කරන්න. යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

 

Advertisements

2 responses to “Torrent files, Download කරගන්නේ කොහොමද?

  1. Pingback: Torrent file, Download කරගන්නේ කොහොමද? | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. Pingback: ටොරන්ට්, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර දෙන seedr.cc | පරිගණක පියස·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s