AK-47 අවිය ගැන ඔබ නොදන්නා කරුණු 10ක්.

දන්නා දෙයක් ගැන නොදන්නා යමක් ගෙන එන Fun facts ලිපි මාලාවේ 4වන ලිපිය ලෙස මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුලව භාවිතා වන ගිනි අවියක් වන AK-47 අවිය පිළිබඳවයි. මෙම ගිනි අවිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත් ලිපියක් මීට පෙරද මනහර වෙබ් අඩවියේ පළවූ අතර එම ලිපිය මෙතැනින් කියවන්න.

ak47 facts

-AK 47 ගිනි අවිය-

#1

AK 47 ගිනි අවිය, ජලය සමඟ මුසු වීමෙන් පසුව වුවද ‍හොදින් ක්‍රියාත්මක කළ හැකි ගිනි අවි අතරින් එකකි.

 

#2

AK 47 ගිනි අවිය පහසුවෙන් හැසිරවිය හැකි ගිනි අවියක් වන අතර කොටින්ම එය කුඩා දරුවෙකුට පවා පහසුවෙන් පාලනය කළ හැක.

 

#3

මෙම ගිනි අවිය, ඕනෑම කටුක පරිසර තත්වයන් යටතේ වුවද හොදින් ක්‍රියාකළ හැකි වීමද මෙහි ඇති විශේෂත්වයකි.

 

#4

AK 47 ගිනි අවිය, මිනිත්තුවකට අඩු කාලයකදී සම්පූර්ණයෙන්ම ගැලවිය හැකි අතර එය පිරිසිදු කිරීමට ගතවන්නේද සුළු කාලයකි.

 

#5

දැනට ලොව පුරා රටවල් 50කට අයත් හමුදාවන් හා විශේෂ ඒකක නිළ වශයෙන් භාවිතා කරන අවිය බවට පත්ව ඇත්තේ මෙම AK 47 අවියයි.

 

#6

මෑත කාලීනව නිෂ්පාදනය කරනු ලබන නවීන AK 47 අවිය මඟින් මවුන්ට් බෝම්බ විහිදුවාලීමේ පහසුකම් සපයා ඇත.

 

#7

මෙම වර්ගයේ ගිනි අවියකින්, මීටර් 300ක දුරින් පිහිටි සතුරු ඉලක්කයක් වෙත සාර්ථකව පහර දිය හැකි අතර ඉතා දක්ෂ වෙඩික්කරුවෙකුට එය මීටර් 800 දක්වා වර්ධනය කර ගත හැක.

 

#8

අද වන විට ලොව පුරා මිලියන 75කට අධික AK 47 ගිනි අවි ප්‍රමාණයක් භාවිතා වන බවට වාර්ථා පළ වේ.

 

#9

අද වන විට රටවල් 20ක පමණ මෙම අවි නිෂ්පාදනය කරන අතර ඒ අතරින් චීනය ඉහළින්ම වැජඹේ.

 

#10

AK 47 ගිනි අවිය, ලොව විශාල ලෙස පැතිරී ඇති ගිනි අවිය ලෙස ගිනස් වාර්ථා පොතට එක්ව ඇත.

 
(අන්තර්ජාළය ඇසුරිණි)

පසුගිය ලිපි

* YouTube ගැන ඔබ නොදන්නා අපූරු කරුණු

තවත් මෙවැනි දන්නා දෙයක් ගැන නොදන්නා අපූරු කරුණු, Fun facts කැටගරිය යටතේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. ඔබගේ අදහස් පහතින් comment කරන්න. අපගේ ෆේස්බුක් පිටුවද ලයික් කරන්න.

Advertisements

4 responses to “AK-47 අවිය ගැන ඔබ නොදන්නා කරුණු 10ක්.

  1. Pingback: AK-47 අවිය ගැන ඔබ නොදන්නා කරුණු 10ක්. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

  2. Hey would you mind sharing which blog platform you’re using?
    I’m planning to start my own blog soon but I’m having a hard
    time selecting between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and
    style seems different then most blogs and I’m looking for something
    unique. P.S Apologies for being off-topic but I had to ask!

    Liked by 1 person

  3. Pingback: ebay ගැන ඔබ නොදන්නා අපූරු කරුණු. | පරිගණක පියස·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s