ටයිටැනික් චිත්‍රපටය ගැන ඔබ නොදන්නා අපූරු කරුණු 10ක්.

අතිශය ජනප්‍රියත්වයට පත් වූ සම්මානලාභී නිර්මාණයක් වන ටයිටැනික් සිනමා පටය පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් විසින් නිර්මාණය කරන ලද ටයිටැනික් ච්ත්‍රපටය ඔස්කා සම්මාන 11ක් තවත් සම්මාන 107ක් හා නම් යෝජනා වීම් 78ක් දිනා ගැනීමට සමත් විය. එම චිත්‍රපටය පිළිබඳව ඔබ නොදන්නා අපූරු කරුණු 10ක් පිළිබඳව මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නෙමු.

 

#1

ටයිටැනික් චිත්‍රපටය පැය 2යි මිනිත්තු 40ක් පුරාවට දිගහැරෙන අතර එම කාලය, සැබෑ ටයිටැනික් නැව මුහුදු බත් වීමට ගතවූ කාලයට සමාන ය.

titanic fact

 

#2

රෝස්ගේ මහළු වියට පණ පොවන Gloria Stuart, සැබෑ ටයිටැනික් අනතුරින් දිවි ගලවා ගත් අයෙකි.

ti

 

#3

ජැක් විසින් කියන ලද “I’m king of the world” යන දෙබස පිටපතෙහි සඳහන් නොවූ දෙබසක් වන අතර පසුව එය චිත්‍රපටයක අඩංගු හොඳම වැකි 100 අතරට ඇතුළත් විය.

rvj

 

#4

ජැක් විසින් අදින ලද චිත්‍ර සියල්ලම හා රෝස්ගේ චිත්‍රය සැබෑවටම අදින ලද්දේ අධ්‍යක්ෂකවරයෙකු පමණක් නොව චිත්‍ර ශිල්පියෙකුද වන ජේම්ස් කැමරන් විසිනි.

titanic

 

#5

නැව ගිලීමෙන් පසු දර්ශනවල දී කේට් වින්ස්ලට් (රෝස්) පමණක් සීතලෙන් ආරක්ෂා වීමට ආරක්ෂිත ඇදුම් හැද නොසිටි අතර එහි ප්‍රතිඵලය වූයේ ඇයට නිවිමෝනියාව වැළදීමයි.

ojm

 

#6

චිත්‍රපටයේ දක්නට ලැබෙන රෝස් විසින් කාල්ගේ මුහුණට කෙළ ගසන දර්ශනය පිටපතෙහි සඳහන් නොවූ අතර එය කේට් වින්ස්ලට්ගේ අදහසකි. එම දර්ශනය පිළිබඳව කාල් දැන සිටියේ ද නැත.

ufv

 

#7

නැව ගිලීමෙන් පසු දර්ශන, ගැලුම් 350,000 ක ටැංකියක් තුළදී රූගත කරන ලදී.

ogdy

 

#8

ටයිටැනික් චිත්‍රපටය මුලින් නම් කෙරුනේ Planet Ice ලෙසිනි.

ogfr

 

#9

ජේම්ස් කැමරන් විසින් පිටපත ලිවීම අවසන් කළ පසු දැනගන්නට ලැබුණේ, සැබෑවටම J. Dawson නම් අයෙකු ටයිටැනික් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. :O

gdj

 

#10

ජේමිස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද, අවි ආයුධ, බෝම්බ පිපිරීම් දර්ශන වලින් තොර වූ පළමු චිත්‍රපටය මෙය විය.

xhu

 

තවත් මෙවැනි දන්නා දෙයක් ගැන නොදන්නා අපූරු කරුණු, Fun facts කැටගරිය යටතේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. ඔබගේ අදහස් පහතින් comment කරන්න. අපගේ ෆේස්බුක් පිටුවද ලයික් කරන්න.

Advertisements

One response to “ටයිටැනික් චිත්‍රපටය ගැන ඔබ නොදන්නා අපූරු කරුණු 10ක්.

  1. Pingback: ebay ගැන ඔබ නොදන්නා අපූරු කරුණු. | පරිගණක පියස·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s